ගරු කථානායකතුමාගේ නිවේදන - 2024.09.03

දිනය : 2024-09-03

Print

“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ (සංශෝධන)” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් දෙකක පිටපත් තමා වෙත ලැබී ඇති බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (සැප්. 03) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.