සමාජ මුර්තිකරුවන්ගේ සංගමයේ දරු දැරියෝ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි |
දිනය : | 2024-08-02 |
|
සමාජ මුර්තිකරුවන්ගේ සංගමයේ දරු දැරියන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මියද සභාගිවී සිටියාය.
සමාජ මුර්තිකරුවන්ගේ සංගමය විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ අංකුර යන තේමාව ඔස්සේ ළමා ඡායා ප්‍රාදේශීය සභා පිහිටුවා ඇති අතර ලංකාවේ දිස්ත්‍රික්ක 10 ක ගම්මාන 57 ක් පුරා සිටින අවුරුදු 11ත් 15 ත් අතර දරු දැරියන්ගෙන් මෙම ළමා ඡායා ප්‍රාදේශීය සභා සමනවිතවේ. දිස්ත්‍රික් 10 තුළ මේ වන විට ළමා ඡායා ප්‍රාදේශීය සභා 19ක් පිහිටුවා ඇත.
මෙහිදී පැමිණ සිටි දරු දැරියන්ට ඔවුන්ගේ ප්‍රදේශවල පවතින ගැටලු සෘඡුවම කථානායකවරයාට ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවිය. එහිදී කථානායකවරයා ඵම දරුවන්ගේ ගැටලු සඳහා ඵම අවස්ථාවේදීම පිළිතුරු ලබාදුන් අතර ඵම ගැටලු තවදුරටත් අධ්‍යයනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ ආයතන වෙත යොමුකරන බවද වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය. එමෙන්ම මෙහිදී පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් සිසු දරුවන් දැනුවත් කළාය.
මෙම අවස්ථාවට සම්බන්ධවූ දරු දැරියන්ට පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් අවශ්‍ය දැනුම ලබාගැනීමටද අවස්ථාව හිමිවිය. මේ අවස්ථාව සඳහා ව්‍යවස්ථාදායක සේවා හා සන්නිවේදන (වැඩ බලන) අධ්‍යක්ෂ එම්. ජයලත් පෙරේරා මහතා සමාජ මුර්තිකරුවන්ගේ සංගමයේ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.