ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ව්‍යවසායකයන්ගේ සංවිධානයේ සාමාජිකයන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක

දිනය : 2024-07-22

මෙරට ව්‍යාපාර සහ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රය නියෝජනය කරන ‘ව්‍යවසායකයන්ගේ සංවිධානයේ’  සාමාජිකයන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත විය.

පාර්ලිමේන්තුවේ ගෘහ නිර්මාණ ශිල්පීය වටිනාකම් සහ ව්‍යවස්ථාදායක කටයුතු පිළිබඳව එම පිරිස දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සංචාරය කිරීමෙන් අනතුරුව ඔවුහු කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීන් සමග සාකච්ඡාවකට ද එක්වූහ. මෙහිදී කථානායකවරයාගේ භූමිකාව සහ අත්දැකීම්, පාර්ලිමේන්තු ක්‍රමය සහ සම්ප්‍රදායයන්, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ක්‍රමයේ අභියෝග යනාදිය පිළිබඳව ‘ව්‍යවසායකයන්ගේ සංවිධානයේ’ සාමාජිකයන් විමසූ කරුණුවලට පිළිතුරු ලබාදීම සිදුවිය.

 

9 6

2 13

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි