රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදය ලබන 25 වැනිදා |
දිනය : | 2024-07-19 |
- පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වෙයි
- කෘතිම බුද්ධිය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය 24 වැනිදා
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය ලබන 25 වැනිදා පැවැත්වීමට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජූලි 18) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
මේ අනුව පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වන අතර ජූලි 23 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සිවිල් නඩුවිධාන සංග්‍රහය (සංශෝධන) (දෙවැනිවර කියවීම) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිතය. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
ජූලි 24 වැනි බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇත අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මධුර විතානගේ මහතා විසින් ගෙනෙනු ලබන “කෘතිම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය (AI Technology) මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.
ජූලි 25 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තිරණය වී තිබේ. මේ අනුව අදාළ විවාදය සදහා වැඩි කාලයක් ලබා දීමේ අරමුණින් ඒදින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සළකා නොබැලීමටත් මෙහිදී ඒකඟත්වය පළ වී ඇත.
ජූලි 26 සිකුරාදා සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් සදහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා වෙන් කර තිබේ. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන ගරු ඒ.එච්.එම්. අලවි, ගරු එම්.එන් අබ්දුල් මජීඩ්, ගරු පාලිත තෙවරප්පෙරුම සහ ගරු මිල්රෝයි ප්‍රනාන්දු යන මහත්වරුන් සදහා ශෝක යෝජනා පළ කිරීමට එදින පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද මෙහිදී තීරණය වූ බව මහ ලේකම්වරිය වැඩිදුරටත් පවසයි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






