නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය හෙට - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරේ |
දිනය : | 2024-07-10 |
- හෙට විවාදයට ගැනීමට නියමිතව තිබූ සත්ව සුබසාධන පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමටත් තීරණයක්
නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයක් හෙට (ජූලි 11) පැවැත්වීමට අද (10) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සෙසු අදාළ නීති මගින් දක්වා ඇති විධානවලට අනුකූලව 2024 සැප්තැම්බර් 17 සිට ඔක්තොම්බර් 16 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ජාතික ජනබලවේගයේ නායක ගරු අනුර කුමාර දිසානායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු විසින් ඒකාබද්ධව ගෙනඑනු ලබන යෝජනාවට අනුව මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත. මේ අනුව හෙට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා විවාදය පැවැත්වීමට තීරණය වී තිබේ.
එසේම හෙට දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබූ සත්ව සුබසාධන පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








