ගරු කථානායකතුමාගේ නිවේදන - 2024.07.09 |
දිනය : | 2024-07-09 |
පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 ජූලි 02 දින “කාන්තාවන් සවිබල ගැන්වීමේ” සහ “යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව” නමැති පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (ජූලි 09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්
2024 ජූලි 02 දින තමාගේ නිවේදනයෙහි සඳහන් පෙත්සමට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් 2024.07.02 දින ලැබුණු අතර තවත් පෙත්සමක පිටපතක් 2024.07.04 දින තමන් වෙත ලැබී ඇති බවද කථානායකවරයා නිවේදනය කළේය.
එමෙන්ම , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව “ආගමන” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් 2024.07.03 දින තමා වෙත ලැබී ඇති බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






