ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාගේ දේහයට පාර්ලිමේන්තුවේදී අවසන් ගෞරව

දිනය : 2024-07-03

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයෙකු සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක අභාවප්‍රාප්ත ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතාගේ දේහයට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු අද (ජූලි 03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව  දැක්වූහ.  

එමෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු අංගජන් රාමනාදන් මහතා, කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්  රැසක් අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ.  එසේම ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වජිර අබේවර්ධන සහ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ද මෙහිදී  දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ.  

එසේම හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තුවේ හිටපු  කථානායක  ගරු කරු ජයසූරිය යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

තවද, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීීර මහත්මිය ප්‍රමුඛ මහලේකම් මඩුල්ල, පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, විදෙස් තානාපතිවරු, රාජ්‍ය නිලධාරීන්, හිටපු මහලේකම්වරු ඇතුළු හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයන් හා පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම  පවුලේ ඥාතීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

අද ප.ව. 2.00 ට පමණ ගරු  රාජවරෝදයම් සම්පන්දන් මහතාගේ දේහය රැගත් අවමංගල රථ පෙරහැර පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන පියගැටපෙළ අසලට පැමිණි අවස්ථාවේදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු අංගජන් රාමනාදන් මහතා, පක්ෂ නායකවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම්  චමින්ද කුලරත්න මහතා ඇතුළු පිරිස විසින් දේහය භාරගැනීම සිදුවිය. අනතුරුව දේහය වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටුකොට ගනිමින් රතු පලස මතින් රැගෙන විත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස ආලින්දයේ පිහිටි  විශේෂ උත්සව ශාලාවෙහි තැන්පත් කිරීම සිදුවිය.

අනතුරුව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු සම්භාවනීයන් පිරිස දේහයට අවසන් බුහුමන් දැක්වීමෙන් පසුව ශෝක ප්‍රකාශයන්ද සටහන් කළහ.

 

7 11

33 35

23 15

24 21

8 17

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි