අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආර්. සම්පන්දන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්වන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ඉල්ලා සිටියි |
දිනය : | 2024-07-02 |
පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ හිටපු නායකයෙකු වූ සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ හිටපු නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආර්. සම්පන්දන් මතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම හෙට (ජූලි 03) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිත බැවින්, ඒ සඳහා සහභාගී වන ලෙස සියළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉල්ලා සිටියි.
ආර්. සම්පන්දන් මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම පිණිස හෙට පස්වරු 2.00 සිට 4.00 දකවා පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කිරීමට නියමිතව තිබේ.
මේ අනුව ආර්. සම්පන්දන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩලයට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය ඉල්ලා සිටියි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






