අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතාගේ දේහය, අවසන් ගෞරවය දැක්වීම පිණිස ජූලි 3 වැනි බදාදා ප.ව. 2.00 සිට ප.ව. 4.00 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරේ |
දිනය : | 2024-07-01 |
- ඒ හේතුවෙන් ජූලි 03 වැනිදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීමටත් පක්ෂ-විපක්ෂ එකඟත්වය
- විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හෙට දින පාර්ලිමේන්තුවට…
- හෙට (ජූලි 02) දින පැවැත්වීමට නියමිතව තිබූ මීට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදය නොපැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණයක්
අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායක සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආර්.සම්පන්දන් මහතාගේ දේහය අවසන් ගෞරවය දැක්වීම පිණිස ජූලි 03 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයට රැගෙන ඒමටත් ඒ හේතුවෙන් එදින පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වීමටත් අද (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟත්වය පළ විය.
මේ අනුව දේහය එදින ප.ව. 2.00 සිට ප.ව. 4.00 දක්වා අවසන් ගෞරවය සදහා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කිරීමට නියමිතය.
මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හෙට (02) ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයක් පමණක් ඉදිරිපත් කිරීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. මේ අනුව හෙට (02) දින පැවැත්වීමට නියමිතව තිබූ මීට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදය නොපැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ.
අද ( 01) පස්වරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








