ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

දිනය : 2024-06-28

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත සඳහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා 2024.06.27 දින පාර්ලිමේන්තුවේදී සිය සහතිකය සටහන් කළේය.

විදුලිබල ක්ෂේත්‍රයට සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සැලැස්වීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත 2024  අප්‍රේල් 25 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අනතුරුව පසුගිය 2024 ජූනි 6 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් පසු  වැඩි ඡන්ද 44 කින් පනත් කෙටුම්පත සම්මත විය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත වශයෙන් බලාත්මක වේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි