ගරු කථානායකතුමාගේ නිවේදන - 2024.06.19 |
දිනය : | 2024-06-19 |
පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව, 2024 ජුනි 18 දින “පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්ථාගත කිරීමේ)”, “අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (සංස්ථාගත කිරීමේ)” සහ “රාජ්‍ය ණය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
අතිරේක සාමාජිකයන් නම් කිරීම
“සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) ප්‍රකාරව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත සදහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන් නම් කරන ලද බව ද කථානායකවරයා නිවේදනය කළේය.
ඒ අනුව ගරු විදුර වික්‍රමනායක, ගරු ජගත් පුෂ්පකුමාර, ගරු විජිත බේරුගොඩ, ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ, ගරු ඉම්තියාස් බාකීර් මාකාර්, ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන, ගරු කිංස් නෙල්සන් සහ ගරු කුමාරසිරි රත්නායක යන මහත්වරු අතිරේක සාමාජිකයන් වශයෙන් නම් කරන බව කථායකවරයා නිවේදනය කළේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






