ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගරු කථානායකතුමාගේ නිවේදන - 2024.06.18

දිනය : 2024-06-18

පනත්‍ කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව, තමා විසින් 2024 ජුනි 12 දින “සවීර පදනම (සංස්ථාගත කිරීමේ)” සහ “කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කරන ලද බව ගරු කථානායක මහින්ද යාපා ‍අබේවර්ධන මහතා අද (ජුනි 18) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් 2024 මැයි 22 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ  පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලබන බවද කථානායකවරයා දැනුම් දුන්නේය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි