ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඇල්ජීරියා ජනරජයේ තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි

දිනය : 2024-06-14

ඇල්ජීරියානු ජනරජයේ ශ්‍රී ලංකාවේ නව තානාපති වශයෙන් පත්කළ අලි අචෝයි (Ali Achoui) මහතා පසුගියදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද එක්ව සිටියාය.

මෙම හමුවේදී දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකා - ඇල්ජීරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බව ඇල්ජීරියානු තානාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ තේ, කුරුඳු සහ ඇඟලුම් කර්මාන්ත හරහා දෙරට අතර වෙළෙඳ සබඳතා ඇති කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. මේ අතර, සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා ගැනද අවධානය යොමු විය.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි