පාර්ලිමේන්තු මහ ලේකම්වරුන් සහ නිලධාරීන් වෙනුවෙන් පැවැත්වෙන නායකත්වය සඳහා වන නේවාසික වැඩසටහනේ සමාරම්භක උත්සවය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී |
දිනය : | 2024-06-12 |
පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන පාර්ලිමේන්තු මහ ලේකම්වරුන් සහ නිලධාරීන් වෙනුවෙන් පැවැත්වෙන නායකත්වය සඳහා වන නේවාසික වැඩසටහනේ සමාරම්භක උත්සවය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයේ පසුගියදා (ජුනි 10) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ඉන්දියාව, පකිස්තානය, එක්සත් රාජධානිය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 15ක නියෝජිතයන් 40ක පමණ පිරිසක් මෙම අවස්ථාවට එක්වූ අතර මෙම නේවාසික පුහුණු වැඩසටහන මේ මස 11 සිට 14 දින දක්වා කොළඹදී පැවැත්වේ.
මෙහිදී අදහස් දැක්වූ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කර සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් රටට සේවය කිරීම සදහා විශාල වගකීමක් නිලධාරීන් සතුවන බවයි. එසේම පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්හි පාර්ලිමේන්තුවල වෘත්තීය සබඳතා මෙන්ම මිත්‍රත්වය වැඩිදියුණු කරගැනීමට මෙය වේදිකාවක් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. මෙම කටයුතු සංවිධානය කිරීම වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට ද කථානායකවරයා සිය ස්තූතිය පළ කළේය.
උත්සව සභාව පිළිගනිමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවේ මෙම වැඩසටහනේ අරමුණ වෘත්තීය කුසලතාවයන් වැඩිදියුණු කිරීම පමණක් නොව පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමඟ අඛණ්ඩ සබඳතා පෝෂණය කිරීම බවයි. එසේම මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව ද පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට ඇය සිය ස්තුතිය පළ කළාය.
එසේම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසුවේ පොදුරාජ්‍ය මණ්ඩලීය පවුලට අයත් සියලු දෙනා හට නායකත්වය වැඩිදියුණු කරගැනීමටත් අදහස් හුවමාරු කර ගැනීමට මෙය වැදගත්වන බවයි. එසේම වැඩසටහන සංවිධානය කිරීම සදහා දායකත්වය දැක්වූ සියලු දෙනා හට ඒ මහතා මෙහිදී සිය ස්තුතිය පළ කර සිටියේය.
පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මෙහෙයුම් ප්‍රධානී මැතිව් සලික් මහතා ද මෙහිදී අදහස් දක්වමින් මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සදහා සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇතුළු සියලු දෙනාටම සිය ස්තුතිය පළ කර සිටියේය.
එස්වටිනි රාජ්‍යයේ පාර්ලිමේන්තු මහලේකම් බෙනඩික්ට් ෂාබා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න, ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විධායක මාර්ක් වෙබ්, නවසීලන්ත පාර්ලිමේන්තු සේවයේ ප්‍රධාන විධායක රෆායෙල් ගොන්සාලෙස්-මොන්ටෙරෝ, නවසීලන්තයේ ජාත්‍යන්තර පුහුණුකරු, කේට් ෆරාගර් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම

















