ජාතික සැලසුම් සහ ඇගයීම පිළිබඳ හුවමාරු සංචාරයක් සඳහා බංග්ලාදේශයේ සැලසුම් අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට |
දිනය : | 2024-06-12 |
බංග්ලාදේශ සැලසුම් අමාත්‍යාංශයේ හා ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණ ඇගයීම් අංශයේ (EMED) සහ ඇගයුම් සංගමයේ නියෝජිතයින්ගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක්, ඇගයීම් සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. සංසදයේ ලේකම් ගරු. මයන්ත දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු. (වෛද්‍ය) කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ඇගයීම් සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පසුගියදා (ජුනි 07) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
ඇගැයීම් උපයෝගී කර ගනිමින් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවේ කාර්යභාරය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. තවද, Eval Colombo 2018 සන්දර්භය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අත්සන් කරන ලද “ඇගයීම් පිළිබඳ කොළඹ ප්‍රකාශය” මෙරට පාර්ලිමේන්තුවේ ඇගයීම් ආයතනගත කිරීමේ ප්‍රධාන මාර්ගෝපදේශය බවට පත්ව ඇති බවත් එම ප්‍රකාශයේ මූලධර්ම තුළ පිහිටමින් ඇගයීම් ආයතනගත කිරීමට ආරම්භයක් ගෙන ඇති බවත් මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් මහතා පැවසීය.
ජාතික ඇගැයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව ඇතුළුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය තුළ ජාතික ඇගැයීම් සංස්කෘතිය ස්ථාපිත කිරීම සහ ඇගයීම සඳහා ගෙන ඇති උත්සාහයන් පිළිබඳව බංගලාදේශ නියෝජිතයෝ ශ්‍රී ලංකා රජයට මෙහිදී සිය ප්‍රශංසාව පළ කළහ.
මෙම හමුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජා මහතා ද සහභාගී විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









