රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතයි |
දිනය : | 2024-06-07 |
රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත අද (ජුනි 07) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත විය.
අද පැවති පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අවසානයේදී කාරකසභා අවස්ථාව එළඹි අතර එහිදී පනත් කෙටුම්පතට සංශෝධන එක්විය. අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීද සම්මත විය.
ආණ්ඩුව වෙනුවෙන් රාජ්‍ය ණය ගැනීම, නිකුත් කිරීම සහ රාජ්‍ය ණය සේවාකරණය සඳහා බලය ලබාදීම සහ ඇපකර නිකුත් කිරීම ආදී රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවීම මෙන්ම ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත 2024 අප්‍රේල් 26 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






