පාර්ලිමේන්තු මහ ලේකම්වරුන් සහ නිලධාරීන් වෙනුවෙන් පැවැත්වෙන නායකත්වය සඳහා වන නේවාසික වැඩසටහනේ ආරම්භක උත්සවය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී |
දිනය : | 2024-06-09 |
පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන පාර්ලිමේන්තු මහ ලේකම්වරුන් සහ නිලධාරීන් වෙනුවෙන් පැවැත්වෙන නායකත්වය සඳහා වන නේවාසික වැඩසටහනේ ආරම්භක උත්සවය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයේ හෙට (ජුනි 10) පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මේ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මෙහෙයුම් ප්‍රධානී මැතිව් සලික් මහතා ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරන පාර්ලිමේන්තු මහලේකම්වරුන් සහ නිලධාරීන් පිරිසක් සම්බන්ධවීමට නියමිතව ඇත.
එසේම මෙම ආරම්භක උත්සවය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න සහ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහත්වරු සම්බන්ධවීමට නියමිතව තිබේ.
මෙම නේවාසික පුහුණු වැඩසටහන මේ මස 10 සිට 14 දින දක්වා කොළඹදී පැවැත්වේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






