තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ලෙස තේරී පත්වුණු නරේන්ද්‍ර මෝදි මහතාට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් සුබ පැතුම් |
දිනය : | 2024-06-07 |
පසුගියදා පැවති ඉන්දීය මහ මැතිවරණයෙන් තෙවැනි වතාවටත් අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස යන මහත්වරු ප්‍රමුඛ මැති ඇමතිවරු පසුගියදා (ජුනි 05) පාර්ලිමේන්තුවේ දී සුබ පැතුම් එක්කළහ.
එදින පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ම අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ගරු මෝදි අග්‍රාමාත්‍යවරයා ලෝකය පුරා දැවැන්ත පණිවිඩයක් ගෙන ගිය සුවිශේෂ නායකයකු බවයි.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ දැවැන්තයා ලෙස කවුරුත් දන්නා ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් සමග ඇති කරගෙන තිබෙන මිත්‍රත්වය, සහයෝගය සහ එකමුතුකම ගෞරවයෙන් සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, ගරු මෝදි මහතාගේ ජයග්‍රහණයෙන් තවදුරටත් ඉන්දියාවට දැවැන්ත ජයග්‍රහණ උදා කිරීමට හැකිවනු ඇතැයි ප්‍රකාශ කළේය.
එසේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝ කාලීන ද්වීපාර්ශවීය සහ අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයට පත්වූ අවස්ථාවේදී ගරු මෝදි අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඉන්දීය රජය ලබාදුන් සහාය සුවිශේෂි බවයි. ශ්‍රී ලංකාවට උපකාර අවශ්‍යම මොහොතේ දී ශ්‍රී ලංකාවට රටක් ලෙස වැඩිම ආධාර ප්‍රදානය කළේ ඉන්දියාව බවද ගරු සජිත් ප්‍රේමදාස මහතා ගෞරවයෙන් සිහිපත් කළේය.
ශ්‍රී නේරු අග්‍රාමාත්‍යවරයාගෙන් පසු මෙලෙස පිට පිට තෙවතාවක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ මෝදි අග්‍රාමාත්‍යවරයාගේ වැඩපිළිවෙල ජනතා විශ්වාසය දිනාගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මීට දශක කිහිපයකට පෙර ආර්ථික වශයෙන් පහළ ස්ථානයක සිට ජනතා කේන්ද්‍රීය ආර්ථික වැඩපිළිවෙලක් තුළින් දැවැන්ත ආර්ථික වර්ධනයක් කරා ඉන්දියාව මෙහෙයවීමට මෝදි අග්‍රාමාත්‍යවරයාට හැකිවී ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු මෝදි මහතාගේ ජයග්‍රහණයට සුබපැතුම් එක් කරමින් තවත් මැති ඇමතිවරු රැසක්ද මෙහිදී අදහස් දැක්වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






