ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතයි

දිනය : 2024-06-06

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද (ජුනි 06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව  වැඩි ඡන්ද 44 කින් සම්මත විය.

අද පැවති පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අවසානයේ විපක්ෂය විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 103ක්ද  විපක්ෂව ඡන්ද 59 ක්ද  හිමිවිය.

පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක්වූ අතර අනතුරුව තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

විදුලිබල ක්ෂේත්‍රයට සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සැලැස්වීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත 2024 අප්‍රේල් 25 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි