ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කොරියානු අධිකරණ වෛද්‍ය උපදේශන සහ අධ්‍යාපන (KOFO) ආයතනයේ නිලධාරීන් පිරිසක් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි

දිනය : 2024-06-05

කොරියානු අධිකරණ වෛද්‍ය උපදේශන සහ අධ්‍යාපන (KOFO) ආයතනයේ නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ සහකාර මහලේකම් හංස අබේරත්න  මහතා ද සහභාගී වූහ.

ශ්‍රී ලංකාව තුළ අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ බෝවන රෝග පාලන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා වූ ව්‍යාපෘතිය පිළිබඳව එම නිලධාරීහු කථානායකවරයා දැනුවත් කළහ. මෙය  මූලිකවම දැනුම හුවමාරු කරගැනීමේ ව්‍යාපෘතියක් ලෙසට ක්‍රියාත්මක වන බව කොරියානු අධිකරණ වෛද්‍ය උපදේශන සහ අධ්‍යාපන ආයතනයේ නිලධාරීහු පෙන්වා දුන්හ. අපරාධ සඳහා ප්‍රතිචාර දැක්වීම් හා  බෝවන රෝග  පිළිබඳව පුළුල්ව  හඳුනාගැනීමේ පුහුණු වැඩසටහන මේ මධ්‍යස්ථානය හරහා සිදු කිරීමට  අපේක්ෂා  කරන බවද එම නිලධාරීහු පැවසූහ. ඒ අනුව  මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස එම නිලධාරීහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.

 

1 2

3 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි