ගරු කථානායකතුමාගේ නිවේදන - 2024.06.04 |
දිනය : | 2024-06-04 |
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්
“ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන)” පනත් කෙටුම්පත
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත 2024.05.22 දින ඉදිරිපත් කරන ලද පෙත්සම් තුනක පිටපත් ද, 2024.05.27 දින ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් සහ 2024.05.28 දින ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (04) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
“ආර්ථික පරිවර්තන” නමැති පනත් කෙටුම්පත
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “ආර්ථික පරිවර්තන” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් පහක පිටපත් තමා වෙත ලැබී ඇති බවද කථානායකවරයා දැනුම් දුන්නේය.
ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කිරීම්
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා විසින් 2024 අප්‍රේල් 24 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබු බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
කාරක සභා සඳහා නව පත්කිරීම්
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112හි විධිවිධාන සහ 2024 පෙබරවාරි 09 පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මුජිබුර් රහුමාන් මහතා ද තේරීම් කාරක සභාව විසින් නම් කර තිබේ.
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112හි විධිවිධාන සහ 2024 පෙබරවාරි 09 පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මුජිබුර් රහුමාන් මහතා ද තේරීම් කාරක සභාව විසින් නම් කර තිබේ.
ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 123හි විධිවිධාන සහ 2024 පෙබරවාරි 09 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මුජිබුර් රහුමාන් මහතා ද තේරීම් කාරක සභාව විසින් නම් කර තිබේ.
විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමින්ද විජේසිරි මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3)හි විධිවිධාන ප්‍රකාරව, 2024 මැයි 28 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වේලු කුමාර් මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කර තිබේ.
ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු උද්දික ප්‍රේමරත්න මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන ප්‍රකාරව, 2024 මැයි 28 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් ප්‍රියංකර මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බවද කථානායකවරයා දැනුම් දුන්නේය.
සභාපති නාමාවලියට නව පත් කිරීම්
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 143 ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය තුළ සේවය කිරීම පිණිස සභාපති නාමාවලියට දැනට නම් කරනු ලැබ තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා ද තමා විසින් නම් කරනු ලබන බව කථානායකවරයා දැනුම් දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවට නව පත්කිරීම්
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 126 (1)හි විධිවිධාන ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, කථානායකවරයා සභාපතිවරයා වූ ද, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා සමග ගරු චමල් රාජපක්ෂ මහතා, ගරු ගයන්ත කරුණාතිලක මහතා සහ ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා කථානායකවරයා විසින් නම් කර තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






