පාර්ලිමේන්තුව ලබන ජුනි 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වේ |
දිනය : | 2024-05-30 |
- කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජූනි 4
- ‘අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ජූනි 5
- ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූනි 6
පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට නියමිත ය. පසුගියදා (මැයි 28) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.
මේ අනුව ජූනි 4 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. ඉන්පසු ශ්‍රී ලංකා වරලත් තැරැව්කරුන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) සහ දැදිගම ශ්‍රී මෛත්‍රී ප්‍රඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ) පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් සලකා බැලීමට නියමිතව ඇත.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතව තිබේ.
ජූනි 5 වැනි බදාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04) සදහා කාලය වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 ) සදහා කාලය වෙන් කර තිබේ.
අනතුරුව ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ අංක 2311/40 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝග, සිවිල් ගුවන් සේවා පනත යටතේ අංක 2362/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති රෙගුලාසි සහ ඛනිජතෙල් සම්පත් පනත යටතේ අංක 2374/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝග විවාදයකින් තොරව අනුමත කරගැනීමට ද මෙහිදී එකඟත්වය පළ වී ඇත. ඉන්පසු ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන ‘අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු’ පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව අනුව විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත.
ජූනි 6 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.
ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතව තිබේ.
ජූනි 7 වැනි සිකුරාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත (දෙවනවර කියවීම), වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ අංක 2364/37 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියමය, දේශීය ආදායම් පනත යටතේ යෝජනාව (ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මඟ හැරීම වැළැක්වීම සදහා මෙරට රජය සෞදි අරාබි රජය සමඟ ඇති කර ගත් සම්මුතියට අදාළව), විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 5ක්, දේශීය ආදායම් (සංශෝධන) පනත යටතේ අංක 2376/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය සහ සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ 2382/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇත.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









