පාර්ලිමේන්තුව මැයි 22 රැස්වෙයි |
දිනය : | 2024-05-17 |
- ආර්ථික පරිවර්තන සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් එදින පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තුව මැයි 22 වැනි බදාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
පසුගිය මැයි 14 වැනිදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.
මේ අනුව එදින පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර මැයි 14 දිනැතිව ගැසට්පත්‍රයේ පළ කර ඇති ‘ආර්ථික පරිවර්තන’ සහ ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ’ නැමැති පනත් කෙටුම්පත් දෙක එදින පළමුවර කියවීම පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනතුරුව පෙ.ව. 9.45 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව මහලේකම්වරිය වැඩිදුරටත් පවසයි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








