ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම ගරු කථානායකතුමා හමුවෙයි

දිනය : 2024-05-17

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා  පසුගියදා පාර්ලිමේන්තුවේදී හමුවිය.

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු කඳවුරක් පැවැත්වීම ඇතුළුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පහසුකම් සැලසීම පිළිබඳව ඔවුහු කථානායකවරයා වෙත කෘතඥතාව පළ කළහ.

2024 ජනවාරි 3 වැනිදා සිට 6 වැනිදා දක්වා උගන්ඩාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මූලාසන නිලධාරීන්ගේ 27 වැනි සමුළුවට කථානායකවරයා සහභාගි වූ අවස්ථාවේදී උගන්ඩා ජාතික ක්‍රිකට් සංගමය කථානායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව උගන්ඩා ජාතික කණ්ඩායමට මෙම සංචාරය සඳහා පහසුකම් සැලසිණි.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි