ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව මැයි 13 සහ 14 රැස්වෙයි

දිනය : 2024-05-10

පාර්ලිමේන්තුව මැයි මස 13 වැනි දා සඳුදා, සහ 14 වැනි දා අඟහරුවාදා රැස්වීමට නියමිත බව  පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. ඊයේ (09) ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධනමහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ‍එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

මැයි මස 13 වැනිදා සඳුදා පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ද්විත්වයක්, සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය , ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි , මුදල් පනත යටතේ නියෝග ද්විත්වයක්, විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි හතරක් , විසර්ජන පනත යටතේ යෝජනා හයක් , ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය , රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය, ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි අනුමත කිරීමට සහ  සීමාසහිත ජය බහලුම් පර්යන්තයේ වාර්ෂික වාර්තාව (2022) විවාදයකින් තොරව අනුමත කිරීමට  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම  පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම , අන්තර්ජාතික  ථේරවාද ධර්මායතනය ,සවීර පදනම, කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතනය සමිතිය  යන (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් සලකා බැලීමට නියමිතයි.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා  සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතව ඇත.

මැයි මස 14 වැනිදා අඟහරුවාදා පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා පලස්තීන අර්බුදය පිළිබඳ  කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) විවාදයට ගැනේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි