ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දශක තුනකට අධික සේවාකාලයකින් පසු විශ්‍රාම දිවියට එළැඹෙන පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩබලන) ජනකාන්ත සිල්වා මහතාගේ සේවය පාර්ලිමේන්තුවේදී ඇගයේ

දිනය : 2024-05-10

දශක තුනකට අධික විශිෂ්ට පාර්ලිමේන්තු සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු අද (මැයි 10)  දින විශ්‍රාම දිවියට එළැඹෙන පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩබලන) H.E. ජනකාන්ත සිල්වා මහතාට සභාගර්භය තුළ ස්තූතිය පළ කිරීම සිදුවිය.

මෙහිදී පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා සභාව අමතමින් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩබලන) H.E. ජනකාන්ත සිල්වා මහතා ඉතාමත් දක්ෂ, කාර්යශූර නිලධාරියෙකු වූ අතර, ඒ මහතා පාර්ලිමේන්තු ක්‍රමය, සම්ප්‍රදායන්, ස්ථාවර නියෝග ආදිය පිළිබඳ හසල දැනුමකින් යුතු අයෙක් බවයි.

1990 වසරේදී ලිපිකරුවෙක් ලෙස පාර්ලිමේන්තු සේවයට එක්වූ ඒ මහතා ඉන් අනතුරුව ජේෂ්ඨ නිලධාරී, නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී, ප්‍රධාන නිලධාරී, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන), නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) යනාදි සිය වෘත්තීය කඩයිම් පසුකරමින් අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) බවට 2021 වසරේදී පත්වූ බව පෙන්වා දුන් සභානායකවරයා එයිනුත් නොනැවතී 2024 පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) තනතුර එතුමාට පැවරුනේ ඔහුගේ ඒ විශිෂ්ට සේවය හේතුවෙන් බවද සඳහන් කළේය.

 එසේම එතුමා 2021 වසරේ සිට අද දින විශ්‍රාම ගන්නා තුරුම  අධ්‍යක්ෂ - සන්නිවේදන (වැඩබලන) තනතුරේද සිය වගකීම් මැනවින් ඉටු කළ බවද ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

විශේෂයෙන් පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාංශයේ (Table Office) විශාල කාලයක් සේවය කරමින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කටයුතු සඳහා එතුමා දැක්වූ දායකත්වය අනභිබවනීය බව සිහිපත් කළ සභානායකවරයා මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ නව අත්දැකීමක් වූ පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරාපත්කරගන්නා අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළටම ගොස් ලේකම් මඩුල්ලට එම කටයුතු සාර්ථක කරගැනීමට එතුමා දැක්වූ කැපවීමද සිහිපත් කළේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ අද දින විශ්‍රාම ලබන H.E. ජනකාන්ත සිල්වා මහතා ඉතාමත් ගෞරවනීය ලෙස සිය රාජකාරිය ඉෂ්ට කළ විනිවිදභාවයකින් යුතු අවංක, පිරිසිදු සද්ගුණවත් නිලධාරියෙක් බවයි.

දශක තුනකට අධික විශිෂ්ට පාර්ලිමේන්තු සේවාකාලයකින් අනතුරුව විශ්‍රාම දිවියට එළැඹෙන පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩබලන) H.E. ජනකාන්ත සිල්වා මහතාගේ විශිෂ්ඨ පාර්ලිමේන්තු සේවය අගයමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් රැසක් මෙහිදී සිය අදහස් පළ කළහ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි