ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

දිනය : 2024-05-10

මොහොමඩ් මුජිබර් රහුමාන් මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (මැයි 10) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.  

සමගි ජන බලවේගයේ (ජාතික ලැයිස්තු) පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩයනා ගමගේ මහත්මියගේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය 2024 මැයි 08 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වූ අතර එම පුරප්පාඩුව පිරවීම වෙනුවෙන් සමගි ජන බලවේගයේ (ජාතික ලැයිස්තු) මන්ත්‍රීවරයෙකු ලෙස මෙසේ මුජිබර් රහුමාන් මහතා දිවුරුම් දීම සිදු විය.

කොළඹ මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මින් පෙර 9 වැනි පාර්ලිමේන්තුවට එ් මහතා තේරී පත් වූ අතර 2023 ජනවාරි 20 වැනිදා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය.

මුජිබර් රහුමාන් මහතා කොළඹ මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මින් පෙර ප්‍රථම වරට 8 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි