ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුර‍ය අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි

දිනය : 2024-05-09

සමගි ජන බලවේගයේ (ජාතික ලැයිස්තු) පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩයනා ගමගේ මහත්මියගේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය 2024 මැයි 08 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම් දීම සිදුකර ඇත.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි