ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහා සාමාජිකයන් පත්කිරීමට අයැදුම්පත් කැඳවයි

දිනය : 2024-05-06

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (ඕ.එම්.පී.) සාමාජික ධුරයන්ගේ පවතින පුරප්පාඩු සඳහා  සාමාජිකයන්  පත්කිරීමට සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන්  අයැදුම්පත්  කැඳවීම ආරම්භ කර ඇත.

ඒ සඳහා වූ අයදුම්පත්‍ර, පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) "ඕ.එම්.පී සඳහා සාමාජිකයන් පත්කිරීම" නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර 2024 මැයි මස 27 දින හෝ එදිනට පෙර යොමුකළ යුතුය.

අදාළ අයැදුම්පත්‍ර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ  constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘ඕ.එම්.පී සඳහා සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළයුතුය.

සබැඳිය: https://www.parliament.lk/si/secretariat/advertisements/view/305

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි