ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන නව මහ කොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

දිනය : 2024-04-24

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන නව මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆාහිමුල් අසීස් මහතා අද (අප්‍රේල් 24) පාර්ලිමේන්තුවේදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහ පාකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස් වජිඩ් හසන් හෂ්මි යන මහත්ම මහත්මීන් ද මෙම හමුවට එක්ව සිටියහ.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ඔවුන් අතර පැවති සුහද සාකච්ඡාවේදී, දෙරට අතර පවතින ස්ථීර මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී.

දීර්ඝ කාලයක් පාකිස්ථාන ආරක්ෂක අංශයේ සේවය කළ මහ කොමසාරිස්වරයා තම සේවා කාලය තුළ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් රැසක්ම දෙරට අතර පැවති පුහුණු සැසිවලදී දැන හඳුනාගැනීමට හැකි වූ බව සිහිපත් කළේය. මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආගමික සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.  

මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා, යුධමය වශයෙන් මෙන්ම සංවර්ධන කටයුතුවලදීද පාකිස්ථානය ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. විශේෂයෙන්, ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධය පැවති සමයේදී පාකිස්ථානය විසින් මෙරටට ලබාදුන් සහය පිළිබඳව කථානායකවරයා මෙහිදී සිහිපත් කළේය.

මෙයට අමතරව, දෙරට අතර පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම්වල කටයුතු ද ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම උදෙසා ගතහැකි  ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළේය.

 

1 2

3 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි