ගරු කථානායකතුමාගේ නිවේදන - 2024.04.24 |
දිනය : | 2024-04-24 |
පනත් කෙටුම්පත් සලකා බැලීම
“දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත
උක්ත පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට ගරු රෝහණ දිසානායක, ගරු අ. අරවින්ද් කුමාර් , ගරු අශෝක් අබේසිංහ, ගරු කරුණාදාස කොඩිතුවක්කු, ගරු ඉසුරු දොඩන්ගොඩ, ගරු කිංස් නෙල්සන්, ගරු රෝහණ බංඩාර, ගරු නිපුණ රණවක මහතායන මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන් තමා විසින් නම් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
“ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත
“ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට ගරු (මහාචාර්ය) චන්න ජයසුමන, ගරු ජයන්ත කැටගොඩ, ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර, ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, ගරු මිලාන් ජයතිලක , ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු සමන්ප්‍රිය හේරත් යන මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන් නම් කොට තිබේ.
“රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත
ඉහත පනත කෙටුම්පත සලකා බැලීම සඳහා ගරු රෝහණ දිසානායක, ගරු ප්‍රසන්න රණවීර , ගරු ශාන්ත බණ්ඩාර, ගරු අශෝක් අබේසිංහ, ගරු ඉසුරු දොඩන්ගොඩ, ගරු කිංස් නෙල්සන්, ගරු රෝහණ බංඩාර සහ ගරු නිපුණ රණවක යන මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන් ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කොට තිබේ.
අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා සඳහා තවත් සාමාජිකයන් කම් කෙරේ
වරාය, නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112හි විධිවිධාන සහ 2024 පෙබරවාරි 09 පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව , වරාය, නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා, ගරු චාමර සම්පත් දසනායක, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු , සහ ගරු ඒ. එච්. එම්. ෆවුසි යන මන්ත්‍රීවරයන් ද තේරීම් කාරක සභාව විසින් නම් කර තිබේ.
ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
උක්ත කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු කේ. කාදර් මස්තාන්, ගරු මායාදුන්න චින්තක අමල් , සහ ගරු මර්ජාන් ෆලීල් යන මන්ත්‍රීවරයන් ද තේරීම් කාරක සභාව විසින් නම් කර තිබේ.
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112හි විධිවිධාන සහ 2024 පෙබරවාරි 09 පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු වඩිවේල් සුරේෂ්, ගරු නිමල් ලාන්සා සහ ගරු කරුණාදාස යන මන්ත්‍රීවරයන් ද තේරීම් කාරක සභාව විසින් නම් කර තිබේ.
තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, සහ ගරු සමන්ප්‍රිය හේරත් යන මන්ත්‍රීවරයන් ද තේරීම් කාරක සභාව විසින් නම් කර තිබේ.
ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම්
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රොෂාන් රණසිංහ
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රොෂාන් රණසිංහ මහතා විසින් 2023 දෙසැම්බර් 13 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා විසින් 2024 මාර්තු 06 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මායාදුන්න චින්තක අමල්
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මායාදුන්න චින්තක අමල් මහතා විසින් 2024 මාර්තු 06 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් 2024 මාර්තු 07 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කංචන විජේසේකර
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කංචන විජේසේකර මහතා විසින් 2024 පෙබරවාරි 20 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කර තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






