ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආබාධ සහිත වූවන් ඇතුළු පොදු මහජනතාවට පහසුකම් සැපයීමට පාර්ලිමේන්තුවේ මහජන සනීපාරක්ෂක පහසුකම් පුළුල් කෙරේ

දිනය : 2024-04-24

පාර්ලිමේන්තුවට පැමිණෙන ආබාධ සහිත වූවන් ඇතුළු පොදු මහජනතාවට පහසුකම් සැපයීම වඩාත් පුළුල් කිරීම සදහා නවීකරණය කළ මහජන සනීපාරක්ෂක පද්ධතියක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී 2024.04.22 දින විවෘත කෙරිණි.

පාර්ලිමේන්තු කාරක සභා සදහා සහභාගි වන පිරිස මෙන්ම පාර්ලිමේන්තුවට පැමිණෙන පාසැල් දරුවන් ඇතුළු මහජන සහභාගීත්වය දිනෙන් දින වැඩිවන බැවින් ඊට සරිලන පරිදි සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් වසර 40ක් පැරණි සනීපාරක්ෂක පද්ධතිය වඩාත් පුළුල් කොට සංවර්ධනය කිරීම මේ අනුව සිදු කර ඇත. විශේෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන ආබාධ සහිත ප්‍රජාවගේ පහසුව සදහා සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙසත් මෙය ක්‍රියාත්මක කර තිබේ.

පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සදහා නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිකිරීම් දායකත්වය ලබා දී ඇත. ඔවුන්ට කෘතවේදීත්වය පළ කිරීමට මෙන්ම ඉදිරි ව්‍යාපෘති සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට විශේෂ රැස්වීමක්  කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සමගාමීව පැවත්විණි. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ ඉංජිනේරු ලලිත් අධිකාරි යන මහත්වරු ප්‍රමුඛ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ද සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද මෙම ව්‍යාපෘතියට දායකත්වය දුන් නාවික හමුදා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

1 2

3 4

5

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි