සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකුව සිටි දිවංගත ඒ.ටී. ආරියරත්න මහතාගේ අභාවය පිළිබඳව කථානායකවරයා සිය ශෝකය පළ කරයි |
දිනය : | 2024-04-19 |
මෙරට විශාලතම සහ පුළුල් ම ව්‍යාප්තියක් සහිත රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස සැලකෙන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකුව සිටි ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ අභාවය පිළිබඳව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවෙන් සිය ශෝකය පළ කර සිටියි.
2015 - 2018 කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනාගෙන් කෙනෙකු ලෙස කටයුතු කළ ඒ මහතා සිය වගකීම වඩාත් අපක්ෂපාතීව ඉටුකරමින් නිරන්තරයෙන් සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි විශිෂ්ට නායකයෙක් බව කථානායකවරයා පෙන්වා දෙයි. සිය මතය නිරතුරුව ඍජුව ප්‍රකාශ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම යුක්තිය මත පදනම්ව නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීමට එතුමා හඩ නැගූ බව ද කථානායකවරයා සිහිපත් කර සිටියි.
"දිළිඳුකම තුරන් කිරීම සහ ගැටුම් රහිත සමාජයක් ගොඩනැගීම" සිය මෙහෙවර කර ගත් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය හරහා සැබෑ මානව හිතවාදියෙකු ලෙස ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා ශ්‍රී ලංකාවේ දහස් ගණනක් පවුල් ආර්ථික වශයෙන් නගා සිටුවීමට සිදු කළ අනභිභවනීය මෙහෙවර මෙරට ඉතිහාසයේ සදා අමරණීය වන බව ද කථානායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






