ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව මීළගට රැස්වන අප්‍රේල් 24, 25 සහ 26 දිනවල පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වෙයි

දිනය : 2024-04-05

පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් 24, 25 සහ 26 යන දිනයන්හි රැස්වීමටත් විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් එම තෙදින පැවැත්වීමටත් අද (අප්‍රේල් 05) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා පවසයි.

නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව අප්‍රේල් 24 වැනි බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම) සහ විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇත.

අනතුරුව පෙ.ව. 10.30 සිට පෙ.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ‍ගෙනෙනු ලබන යෝජනාවකට අනුව පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වූ බව වැඩබලන මහලේකම්වරයා පවසයි.

අප්‍රේල් 25 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට ප.ව. 10.30 දක්වා මෝටර් වාහන පනත යටතේ අංක 2338/39 සහ 2352/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියෝග, සුරාබදු ආඥා පනත යටතේ අංක 2364/35 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදන, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2364/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නියමය සහ ආගාමික සහ විගාමික පනත යටතේ නියෝග විවාදයට ගෙන අනුමතිය ලබා ගැනීමට නියමිතව ඇත.

ඉන්පසු පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා පෙර දින පවත්වා කල්තබන ලද පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට තීරණය වී තිබේ.

එසේම අප්‍රේල් 26 වැනි සිකුරාදා පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය තෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත.

 

3 9

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි