ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

වැලිගම අරෆා ජාතික පාසලට ‘පාර්ලිමේන්තු විදු පියස’ පැමිණෙයි

දිනය : 2024-04-02

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ පාසැල් සිසුන් දැනුවත්කිරීමේ ‘පාර්ලිමේන්තු විදු පියස’ වැඩසටහනක් වැලිගම අරෆා ජාතික පාසල් සිසු  සිසුවියන් සිසුවියන් සඳහා පසුගියදා පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තුවේ සහකාර පරිපාලන අධ්‍යක්ෂ එම්.යු.එම්. වාසික්, පාර්ලිමේන්තුවේ පුස්තකාලයාධිපති සියාත් අහමඩ් සහ මහජන සේවා නිලධාරී යශ්රි මොහොමඩ් යන මහත්වරුන් සම්පත් දායකත්වය ලබා දුන් අතර එම පාසලේ විදුහල්පති එම්.ටී. මුතහ්හර් මහතා ඇතුළු ගුරුවරු සහ සිසු සිසුවියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

පාර්ලිමේන්තුවේ සහකාර  පරිපාලන අධ්‍යක්ෂ එම්.යු.එම්. වාසික් මහතා මෙහිදී අදහස් දන්වමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙන්වා දුන්නේ විෂය නිර්දේශය සදහා පමණක් නොව අනාගත නායකත්වය සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නිවැරදි අවබෝධය ඉතා වැදගත් බවයි.

පාර්ලිමේන්තුවේ නීති සම්පාදන ක්‍රියාවලිය, කාරක සභා ක්‍රමය, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ඇතුළු කරුණු කාරණා පිළිබඳ දැනුම ප්‍රායෝගික අත්දැකීම් සහිතව සහ සරලව සිසු දරුවන්ට පැහැදිළි කරදීම මෙහිදී සිදුවිය.

 

1 2

3 4

5 6

7 8

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි