ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පනත් කෙටුම්පත් කිහිපයකට කථානායකවරයාගේ සහතිකය හිමි වෙයි

දිනය : 2024-04-02

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් කිහිපයකට තමා විසින් ඊයේ (අප්‍රේල් 01) සහතිකය සටහන් කළ බව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

සුරක්ෂිතලත් ගනුදෙනු, ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), භාර ලදුපත් (සංශෝධන), උකස් (සංශෝධන), කල්බදු මූල්‍යකරණ (සංශෝධන), දේශීය භාර ලදුපත් (සංශෝධන) සහ සමාගම් (සංශෝධන) නමැති පනත් කෙටුම්පත්වලට කථානායකවරයා  සහතිකය සටහන් කොට තිබේ.

ඒ අනුව උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 17 දරන සුරක්ෂිතලත් ගනුදෙනු පනත, 2024 අංක 18 දරන ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත, 2024 අංක 19 දරන භාර ලදුපත් (සංශෝධන) පනත, 2024 අංක 20 දරන උකස් (සංශෝධන) පනත, 2024 අංක 21 දරන කල්බදු මූල්‍යකරණ (සංශෝධන) පනත, 2024 අංක 22 දරන දේශීය භාර ලදුපත් (සංශෝධන) පනත සහ 2024 අංක 23 දරන සමාගම් (සංශෝධන) පනත ලෙස ඊයේ (01) සිට බලාත්මක වේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි