ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කථානායකතුමාගේ නිවේදන - 2023.11.24

දිනය : 2023-11-24

“දස්සනා බෞද්ධ සංවිධානය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට අතිරේක සාමාජිකයන් නම් කෙරේ

“දස්සනා බෞද්ධ සංවිධානය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව සඳහා අතිරේක සාමාජිකයන් වශයෙන් මන්ත්‍රීවරයන්  08 දෙනකු නම් කළ  බව  කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. ඒ අනුව;

•    ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා
•    ගරු විදුර වික්‍රමනායක මහතා
•    ගරු විජිත බේරුගොඩ මහතා
•    ගරු ගයන්ත කරුණාතිලක මහතා
•    ගරු තිස්ස අත්තනායක මහතා
•    ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
•    ගරු ගුණතිලක රාජපක්ෂ මහතා
•    ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා

යන මන්ත්‍රීවරයන් නම් කර ඇත.

 

අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අමාත්‍යාංශ වැය ශීර්ෂ ද විවාදයට ගැනීමට තීරණය කරයි

2024 අයවැය කාරක සභා අවස්ථාවේ වැඩසටහනෙහි 2023 දෙසැම්බර් 09 සෙනසුරාදා විවාදයට ගැනීමට නියමිත කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන්ට අමතරව අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අමාත්‍යාංශ වැය ශීර්ෂ ද විවාදයට ගැනීමට නියමිත බව කථානායකවරයා නිවේදනය කළේය.

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි