ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2024 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45 කින් සම්මතයි

දිනය : 2023-11-21

2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45කින් පාර්ලිමේන්තුවේදි අද (නොවැ. 21) සම්මත විය. අද ප.ව. 6.00 ට පමණ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී  අයවැයට පක්ෂව ඡන්ද 122 හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ ඡන්ද 77ක් පමණි.  

2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 14 සිට අද (21) දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි.

මේ අනුව කාරක සභා අවස්ථා විවාදය හෙට (22) සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා ඉරිදා දිනයන් හැර   දින 19 ක් පැවැත්වේ. මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි