ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කථානායකතුමාගේ නිවේදන - 2023.11.17

දිනය : 2023-11-18

“පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන)” පනත් කෙටුම්පත සලකා බැලීමට තවත් සාමාජිකයන්

“පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන)” පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන් තමා විසින් නම් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (නොවැ. 18) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව ගරු ප්‍රසන්න රණතුංග, ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ගරු කංචන විජේසේකර, ගරු අනුරාධ ජයරත්න, ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි, ගරු නීතිඥ නාමල් රාජපක්ෂ, ගරු මයන්ත දිසානායක, ගරු රෝහිණි කුමාරි විජේරත්න යන මහත්ම මහත්මීන් කාරක සභාවට නම් කොට තිබේ.

 

“පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” පනත් කෙටුම්පත සලකා බැලීමට පත්කළ අතිරේක සාමාජිකයන්

“පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීමට 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් තමා විසින් නම් කරන ලද බවද කථානායකවරයා පැවසීය.

ඒ අනුව ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, ගරු ජානක වක්කුඹුර, ගරු ඉම්තියාස් බාකීර් මාකාර්, ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු ඉසුරු දොඩන්ගොඩ, ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන සහ ගරු ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරයන් ඒ සඳහා පත් කොට තිබේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි