ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අමාත්‍යාංශ ලේකම්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 6ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

දිනය : 2023-11-17

අමාත්‍යාංශ ලේකම්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 6ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසයි.

ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ඩී.එන්.ආර්. අශෝක මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එසේම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කේ.ඩී. සෙනෙවිරත්න මහත්මියගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ. තවද එක්සත් රාජධානියේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස  සී.ආර්.බී. බෝගොල්ලාගම මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එසේම සිංගප්පූරු වේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ඩී.ඩී.එම්.එස්.බී. දිසානායක මහතාගේ පත්වීමටද, බෙල්ජියමේ සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඩබ්ලිව්.කේ.සී. වීරසේන මහතාගේ පත්වීමටද, සී/ස ලංකා පෙහොර සමාගමේ සභාපතිවරයා ලෙස ආචාර්ය බී.කේ.ජේ.කේ. පෙරේරා මහතාගේ පත්වීමටද  උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (නොවැ. 15) පාර්ලිමේන්තුවේදී රැස් විය. මේ සඳහා අමාත්‍යවරුන් වන ගරු නිමල් සිරිපාල ද සිල්වා, ගරු විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, ගරු අනුර ප්‍රියදර්ශන යාපා, ගරු රිෂාඩ් බදියුදීන් සහ ගරු උදය ගම්මන්පිළ යන මහත්වරු සහභාගී වූහ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි