දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරකට කථානායකවරයාගේ සහතිකය |
දිනය : | 2023-11-17 |
පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් හතරක් සඳහා කථානයක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (නොවැ. 17) සිය සහතිකය සටහන් කළේය.
ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත, දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් වලට කථානායකවරයා සහතිකය සටහන් කොට තිබේ.
ඒ අනුව 2023 අංක 27 දරන ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත, 2023 අංක 28 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත, 2023 අංක 29 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත සහ 2023 අංක 30 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත අද (17) සිට බලාත්මක වේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






