ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කථානායකතුමාගේ නිවේදන - 2023.11.17

දිනය : 2023-11-17

“ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය (සංස්ථාගත කිරී‌මේ) (සංශෝධන)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පත් කළ අතිරේක සාමාජිකයන්

“ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය (සංස්ථාගත කිරී‌මේ) (සංශෝධන)” පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත සඳහන්  වන මන්ත්‍රීන් අතිරේක සාමාජිකයන් වශයෙන් තමන් විසින් නම් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (නොවැ. 17) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව ගරු විදුර වික්‍රමනායක, ගරු අරුන්දික ප්‍රනාන්දු, ගරු සනත් නිශාන්ත, ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා , ගරු බුද්ධික පතිරණ , ගරු නිමල් ලාන්සා, ගරු හෙක්ටර් අප්පුහාමි, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරයන් උක්ත පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පත් කොට තිබේ.

 

වරුණ ලියනගේ මහතා වෙනුවට සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා පත් කිරීම

යෝජිත ‘ව්‍යාපාර සූදානම් (B-READY) දර්ශකය’ සඳහා සූදානම් වීමේ දී මතුවන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වරුණ ලියනගේ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 106 හි විධිවිධාන අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි