ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල රැස්වීම පාර්ලිමේන්තු මහ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන්

දිනය : 2023-11-16

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ, මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මියගේ  ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ඊයේ (නොවැ. 15) පැවැත්විණි.

එහිදි පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය සඳහන් කළේ දරුවන් හා වැඩිහිටියන් අත්දැකිම් අතින් පරම්පරා දෙකක් වුවද ප්‍රජාතන්ත්‍රවාදි වටිනාකම් සහ එහි ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය දරුවන් වෙත ගෙන සමීප කරවීම වැඩිහියන් ඇතුළු සැමගේ යුතුකමක් බවයි. එමෙන්ම එය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යාමේ වගකීම පාසල් වියේ සිටම දරුවන් වෙත හුරු කරවීම අනාගතයේ රටට ඉතාමත් ඵලදායි වනු ඇති බවද රෝහණදීර මහත්මිය තවදුරටත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට සමගාවමීව පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් වෙත නිල ලාංඡන  පැළඳවීමද සිදු වූ අතර වැඩසටහනට සහභාගි වූ නියෝජිතයින් 120 ක් එලෙස පදක්කම් ලැබීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මඟින් පාසල වෙත සහ ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය වෙත ග්‍රන්ථ ප්‍රදානයක්ද සිදු කරන ලදි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා, කඩුවෙල කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.

 

1 2

3 4

5 6

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි