ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කොරියානු ජනාධිපතිගේ විශේෂ නියෝජිත බුසාන්හි නගරාධිපති සහ කථානායකවරයා අතර හමුවක්

දිනය : 2023-11-15

කොරියානු ජනාධිපතිගේ විශේෂ නියෝජිත බුසාන්හි නගරාධිපති ගරු පාර්ක් හියොන්-ජූන් (Park Heong-Joon) මහතා ප්‍රමුඛ දූත පිරිසක් සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (නොවැ. 14) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී මහත්මිය එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ගරු පාර්ක් හියොන්-ජූන් මහතා, World EXPO 2030 ප්‍රදර්ශනය සඳහා කොරියාවේ අපේක්ෂකත්වය පිළිබඳවත් මෙම ප්‍රදර්ශනය කොරියාවේ බුසාන් නගරයේ පැවැත්වීම සඳහා වන සූදානම පිළිබඳවත් කතානායකවරයා දැනුවත් කළේය. මේ ඔස්සේ ආසියානු කලාපයට විශාල ප්‍රතිලාභ රැසක් ලැබෙනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. එසේම දෙරට අතර පවතින රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මේ අතර මෙම දූත පිරිස හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී හමු වී සුහද සාකච්ඡාවක නිරත විය.

පාර්ලිමේන්තුවේ නැරඹුම් චාරිකාවට එක්වූ දූත පිරිස කථානායකවරයාගේ විශේෂ අමුත්තන්ගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම ද නැරඹීමට එක්වූ අතර, අනතුරුව කථානායකවරයා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමඟ විශේෂ දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.

 

1 2

3 4

5

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි