ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 ඔක්තෝබර් 20 දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදු වූ සිදුවීම පිළිබඳ පත් කළ කමිටුවේ වාර්තාව කථානායකවරයාට භාර දෙයි

දිනය : 2023-11-14

2023 ඔක්තෝබර් 20 දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදු වූ සිදුවීම පිළිබඳ සොයාබැලීමට ගරු කථානායකතුමා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා අද (නොවැ. 14) කථානායකවරයා වෙත භාර දුන්නේය.

2023 ඔක්තෝබර් 20 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ගරු ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය හා ගරු රෝහණ බණ්ඩාර හා ගරු සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර සිදුවූවා යැයි, තමා වෙත දෙපාර්ශ්වයෙන් ම ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳව විමර්ශනය කොට වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය කථානායකතුමාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව කථානායකවරයා විසින් පත් කරන ලදී.

ඒ අනුව උක්ත කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ගරු චමල් රාජපක්ෂ, ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ, ගරු ගයන්ත කරුණාතිලක, ගරු ඉම්තියාස් බාකීර් මාකාර්, ගරු නීතිඥ තලතා අතුකෝරල සහ රාජ්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල යන මන්ත්‍රීවරයන් කටයුතු කළහ.

කමිටුව සිව් වතාවක් රැස්වූ අතර සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයන් තිදෙනාට අමතරව රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මහතාද සිද්ධිය සම්බන්ධව සාක්ෂි විමසීම සඳහා කමිටුව වෙත කැඳවා තිබිණි.

කමිටු වාර්තාව භාර දීමේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතාද එක්ව සිටියේය.

 

1 3

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි