ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka
Message
  • Sorry this content is not available in this language

"දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම" යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය හෙට

දිනය : 2023-11-08

  • යෝජනාවට අදාළ ඡන්ද විමසීම ප.ව. 5.30 ට 

 

"දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම" යන මැයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන යෝජනා සම්මතය අනුව  විවාදය හෙට (නොවැ. 09) පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී  තීරණය විය.

මේ අනුව  විවාදයට අදාළ යෝජනාව විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කිරීමටත්  ආණ්ඩු පාර්ශ්වය විසින් එය ස්ථීර කිරීමටත් මෙහිදී එකගත්වය පළ වී ඇත.   

ඒ අනුව, හෙට දිනයේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග සහ 2023 මුදල් වර්ෂය සදහා රු. බිලියන 231.5 කට අදාළ අනුමතිය ලබා ගැනීම සදහා අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව පෙ.ව. 09.30 ට විවාදයකින් තොරව අනුමත කිරීමට මෙහිදී තීරණය වී ඇත. තවද හෙට දිනයේ විමසීමට නියමිතව තිබූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කිරීමටත් මෙහිදී එකගත්වය පළ වී තිබේ.

ඉන් අනතුරුව, හෙට පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා "දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම" යන මැයෙන් වන යෝජනාවට අදාළව විවාදය පැවැත්වෙන අතර, ප.ව. 5.30 ට එම යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය.

‍මේ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දුෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය වහා ඉවත් විය යුතු යැයි ද, දුෂණයෙන් තොරව ක්‍රිකට් පරිපාලනය විනිවිද භාවයෙන් යුතුව පවත්වා ගෙන යාම සඳහා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතු යැයි ද  එකී යෝජනා සම්මතය මගින් දක්වා ඇත.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි