ගරු කථානායකතුමාගේ නිවේදන - 2023.11.07 |
දිනය : | 2023-11-07 |
“ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
“ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් වලට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා අද (නොවැ. 07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
"ත්‍රස්ත විරෝධී" පනත් කෙටුම්පත 2023 ඔක්තෝබර් 03 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැති හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(3) ව්‍යවස්ථාව ප්‍රකාරව, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත්, ඒ අනුව උක්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලැබී ඇති පෙත්සම් 10ක් සම්බන්ධව කටයුතු කිරීම අවසන් කිරීමට තීරණය කළ බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය ගරු කථානායකතුමා වෙත දැනුම් දී ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.
“එකතු කළ අගය මත බදු (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයද නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
උක්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවට පෙත්සම්කරු විසින් කරන ලද ඉල්ලීමට අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන ලද බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගරු කථානායකතුමා වෙත දන්වා තිබේ.
“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව ගරු කථානායකතුමා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පහත පරිදි වේ:-
(i) 3, 5, 7, 9, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 25, 26, 27, 28, 29, 30, 31, 32, 36, 37, 42, 45, 53 සහ 56 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව, පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු ය.
- එසේ වුව ද, වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධනයන්ට යටත්ව 3, 5, 7, 9, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 25, 26, 27, 28, 29, 30, 31, 32, 36, 37, 42, 45, 53 සහ 56 යන වගන්ති පනත් කෙටුම්පතෙහි පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කරන්නේ නම් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි ය.
ඒ අනුව ඉහත කරුණුවලට යටත්ව, පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය අදහස් කරයි.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයේ සඳහන් කර ඇති සංශෝධනවලට යටත්ව, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි ය.
“ජාතික ජලශාස්ත්‍රීය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “ජාතික ජලශාස්ත්‍රීය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් තුනක පිටපත් ගරු කථානායකතුමා වෙත ලැබී ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
වරප්‍රසාද ප්‍රශ්න
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා විසින් 2023 ඔක්තෝබර් 03 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දිම වීරක්කොඩි මහතා විසින් 2023 ඔක්තෝබර් 06 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවද නියෝජ්‍ය කථානායකවරයා අද දැනුම් දුන්නේය.
2023 ඔක්තෝබර් 20 දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදු වූ සිදුවීම පිළිබඳ සොයාබැලීමට තවත් කමිටු සාමාජිකයන් දෙදෙනෙක්
2023 ඔක්තෝබර් 20 දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදු වූ සිදුවීම පිළිබඳ සොයාබැලීමට ගරු කථානායකතුමා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය ද නම් කරන ලද බවද නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






