ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

යුරෝපා පාර්ලිමේන්තුවේ දූත පිරිසක් කථානායකවරයා හමුවෙයි

දිනය : 2023-11-02

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (නොවැ. 01) පාර්ලිමේන්තුවේදී  කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපති හයිඩි හෝටලා (Heidi Hautala) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු කලාපයට අදාළ මෙම දූත පිරිසට පෝලන්තය, ෆින්ලන්තය, ජර්මනිය සහ ලිතුවේනියාව යන රටවලට අයත් සභිකයන් එක්ව සිටියහ.

මෙරට ආර්ථික අර්බුදය සමනය කිරීම සදහා රජය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එසේම දූෂණ විරෝධි පනත සම්මත කිරීම, මූල්‍ය පාලන කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ විනිවිදබවකින් ඉටුකිරීම සදහා පාර්ලිමේන්තුව තුළ අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීම ආදී සාධනීය පියවර රැසක් පසුගිය කාලය තුළ  ක්‍රියාත්මක කළ බවද කථානායකවරයා පෙන්වා දුන්නේය.

දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම, සියලු ජාතින් අතර සංහිදියාව පවත්වා ගැනීම ආදි කරුණු පිළිබදවද මෙහිදී සාකච්ඡා විය.

දූත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ චාරිකාවක ද  නිරත විය. අනතුරුව ඔවුහු  ශ්‍රී ලංකා - යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජික මන්ත්‍රීවරයන් හමුවූ අතර කථානායකවරයා සමග පාර්ලිමේන්තුවේදී දිවා භෝජනයට ද එක්වූහ.

ශ්‍රී ලංකා - යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජික මන්ත්‍රීවරයන් වන අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ඩයනා ගමගේ, ගරු තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ෆයිසල් කාසිම් සහ  ගරු කපිල අතුකෝරල යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද ‍මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

1 2

3 4

5 6

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි