ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පනත් කෙටුම්පත් 02 කට කථානායකවරයාගේ සහතිකය

දිනය : 2023-11-01

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් 02කට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (නොවැ. 01) සිය සහතිකය සටහන් කළේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු නීතිඥ (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය ප්‍රදානය කිරීමේ පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා සිය සහතිකය සටහන් කොට තිබේ. මෙම පනත් කොටුම්පත 2023 ඔක්තෝබර් මස 18 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමෙන් අනතුරුව සම්මත විය.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගයන්ත කරුණාතිලක මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කළ බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීම) යන පනත් කෙටුම්පත සඳහාද කථානායකවරයා සිය සහතිකය සටහන් කොට තිබේ.  මෙම පනත් කොටුම්පත 2023 ඔක්තෝබර් මස 17 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත විය.

ඒ අනුව 2023 අංක 25 දරන බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීම) පනත සහ 2023 අංක 26 දරන ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය ප්‍රදානය කිරීමේ පනත වශයෙන් මෙම පනත් දෙක අද (01) සිට බලාත්මක වේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි