ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ජෝර්ජියානු කථානායකවරයා අතර සුහද හමුවක්

දිනය : 2023-11-01

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ජෝරිජියානු පාර්ලිමේන්තුවේ කථානායක ශල්වා පැපුවාශ්විලි (Shalva Papuashvili) මහතා අතර සුහද හමුවක් පැවැතිවිණි.

ඇන්ගෝලාවේ ලුආන්ඩාහි පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ  147 වැනි සමුළුවට සහභාගී වන අතරතුරදී මෙම හමුව පැවැත්විණි. දෙරට අතර ද්වී පාර්ෂවීය සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් කථානායකවරු අතර අදහස් හුවමාරු විය.

මෙම අවස්ථාවට සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු මොහොමඩ් මුසාම්මිල්, ගරු චින්තක අමල් මායාදුන්නේ, ගරු රාජිකා වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මිහු සහභාගී වූහ.

 

1 2

3 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි